(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
භීෂණයේ බීජ වැපිරුවේ අරලියගහ මන්දිරයෙන් යැයිද අද එම බීජ වල ඵල නෙළා ගන්නට මන්ත්‍රීවරුන්ට සිදුවී ඇතැයි ද ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා (සජබ) පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.
යකඩ පොල්ලක් අරගෙන ගිය පුත්තලම් බූරුවෙක් පිටුපස බස්නාහිර පළාත බාර නියෝජ්‍ය පොලිස්පති ගිය බවද මෙිවාට දඬුවම් කිරීම අරලියගහ මන්දිරයෙන් පටන් ගෙන හරි තැනින් ඉවර කරන්නැයි ද ෆොන්සේකා මහතා සඳහන් කළේය.
දැන් එල්ටීටීඊ ප්‍රහාරයක් ගැන කතා කරන නමුත් එය ඇත්තක් නොව බොරුවක් සරත් ෆොන්සේකා මහතා කීය.
අර්බුදයේ විනිශ්චකරුවන් බවට පත්වී සිටින්නේ අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව බවත් මන්ත්‍රීවරුන් මොනවා කිව්වත් සිදුවී ඇති දේ ගැන ජනතාව දන්නා බවත් කී ෆොන්සේකා මහතා හදිසි නීතිය ගෙනැවිත් අර්බුදයට විසඳුම් සොයන්න පුළුවන් යැයි තමා සිතන්නේ නැති බවද කීය.
ප්‍රචණ්ඩ ක්‍රියාවලින් සිදු වූ දේපොළ හානි පිළිබඳ පාර්ලිමේන්තුවේ සභාව කල්තැබීමේ විවාදයේ අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මහතා මේ බව කීය.