
(අංජුල මහික වීරරත්න)
යල කන්නයේ වී වගාව සඳහා බන්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) මිලදී ගැනීම සඳහා ගොවි ගිණුම් වලට හෙට(7) සිට මුදල් බැර කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් හෙක්ටෙයාර් එකකට රුපියල් 15000 බැගින් මුදල් බැර කිරීමට නියමිතය.
වී වගාවට බන්ඩි පොහොර යෙදීම පසුගිය කන්න කිහිපයේ ප්‍රමාණාත්මකව අවම වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.
වී කරල් ශක්තිමත් වීම සඳහා මෙන්ම වී ඇට පරිපූර්ණවීම සඳහා MOP පොහොර භාවිතා කිරීම අනිවාර්ය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මහ කන්නය සඳහා MOP පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 30,000ක් වුවද ගොවීන් මිල දී ගෙන ඇත්තේ ඉන් තුනෙන් එකක් පමණි.
විශේෂයෙන් දැනට කුඹුරු වගා කර අවසන් කර ඇති ගොවීන් සඳහා ද මෙම මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

