’’නීති විද්‍යාලයේ ගාස්තු තුන් ගුණයකින් වැඩි කරන්න යනවා’’


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නීති විද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ ගාස්තු රුපියල්15,000සිට  60,000  දක්වා වැඩි කිරීමට යන බව ආරංචි වන හෙයින් එය වහා නතර කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී  අද ඉල්ලීමක් කළේය.

ඔහු මෙසේ ඉල්ලා සිටියේ කතානායකවරයාගේ අවසර ඇතුව විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මේ අවස්ථාවේදී මෙලෙස විශාල මුදලකින් ගාස්තු වැඩි කිරීම එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දැරිය නොහැක්කක් බවද  ඔහු සඳහන් කළේය.

එසේම නීති විද්‍යාලය අලුත් ආකාරයට පැවැත්වීමට යන විභාග වැඩපිළිවෙල වසර තුනකට කල් දමන්නැයිද  විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.