
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තෙල් මිල වැඩි කිරීමට මුදල් ඇමතිගෙන් ගත් ලිඛිත සහතිකය දින තුනක් තිස්සේ ආණ්ඩුවෙන් ඉල්ලුවත් එය ලබා දෙන්නේ නැත්තේ ඇයි දැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද විමසීය.
"තෙල් මිල වැඩිකිරීම පිළිබඳව මුදල් ඇමතිගෙන් ලබාගත් ලිඛිත සහතික දෙනවා යැයි ඊයේ ප්‍රකාශ කළා.මරණය කුත් සිදුවුණේ රට වියවුල් වුණේ මේ තෙල් මිල වැඩ කිරීම නිසයි.මේ ලියවිල්ල දවස් තුනක් තිස්සේ ඉල්ලනවා. දෙනවා දෙනවා කිව්වත් ආණ්ඩුව දෙන්නේ නැහැ.ඒක දෙන්නකෝ.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා:-
ඒක වෙලාවට දෙන්නම්.
හර්ෂ ද සිල්වා මහතා:-
ඔන්න දෙනවා කිව්වා. හා දෙන්න කෝ එහෙනම්.

