’’ඩලස් ඉදිරිපත් කළේ අපි’’


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

"අපි ඩලස් ඉදිරිපත් කළා.අපි ඡන්දෙ දුන්නා .ඔහු පැරදුණා ඉතිං",යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ජනපතිවරණ ඡන්දයෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්  පැවසීය.

ජනපතිවරයා තෝරන පාර්ලිමේන්තු සැසිවාරය අවසන් වීමෙන් පසු සභා ගැබෙන් පිටතට එන අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.

ප්‍රශ්නය :-රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය පිළිබඳ කිව හැක්කේ කුමක්ද?

පිළිතුර:-ඡන්ද වැඩියෙන් හම්බවුණා. එයා දින්නා.ඒකනේ වුනේ.

ප්‍රශ්නය:ඔබතුමාගේ සදාකාලික ප්‍රතිවාදියා වුණේ එතුමා.අවසානයේ ඔබතුමාත් ඡන්දය ප්‍රකාශ කරන්නට ඇත්තේ එතුමාට.

පිළිතුර:-නෑ.එහෙමත් නෑ.

ප්‍රශ්නය:ඉදිරියේ ආණ්ඩුව පිහිටුවීම මොන වගේ වේවිද?

පිළිතුර:-කොහොමද වෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා.ජනතාවට වැඩ කරන ආණ්ඩුවක් ආවොත් හොඳයි .අපි බලාගෙන ඉන්නවා.

ප්‍රශ්නය :ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් ඔබතුමාලා ගේ මැදිහත් වීමක් වෙනවද?

පිළිතුර:-තාම එහෙම තීන්දුවක් අරගෙන නැහැ. පක්ෂෙ ගන්න තීන්දුවලට මම එකඟයි.

ප්‍රශ්නය :-ඔබේ පක්ෂයේ සභාපතිවරයා වෙනත් තීන්දුවක් ගෙන ඔබෙි පක්ෂයෙන්ම ඉදිරිපත් වූ ඩලස් අලහප්පෙරුම මහතාට  ඔහු සහාය දුන්නා.

පිළිතුර :-අපි ඩලස් ඉදිරිපත් කළා.අපි ඡන්දෙ දුන්නා .ඔහු පැරදුණා ඉතිං .කවුරු හරි දිනන්න එපැයි .දිනන අය දින්නා.පැරදුන අය පැරදුනා.

ප්‍රශ්නය:රනිල් වික්‍රමසිංහ මහතාට  විරෝධයක් එල්ලවෙමින් තිබෙනවා. මේ නිවැරදි ජනමතය නොවන බව කියනවා.

පිළිතුර:එක එක මත තියනවනේ.ඒක ජනමතය බව එයාලා කියනවා.අපි ඒක නෙමෙයි කියනවා.ඒ මත දෙකම තිබෙනවා.