’’ගුණතිලකගේ නඩුවට ජූරි සභාවක් අවශ්‍ය නෑ’’


(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක නඩු විභාගයට ජූරි සභාවක් අවශ්‍ය නොවන බව ඔහුගේ නීතිඥවරයා සිඩ්නි ඩවුනින්ග් සෙන්ටර් අධිකරණයේදී ප්‍රකාශ කර ඇත.

ඒ ධනුෂ්ක ගුණතිලකගේ නඩුව විභාග කිරීම විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ පමණක් නඩුව ඇසීම සිදුකරන ලෙස ඉල්ලමින් අයැදුම් පතක් ගොනු කරන තෙක් ප්‍රමාද කරන ලෙස නීතිඥවරයා ඉල්ලීමක් කරමිනි.

ධනුෂ්ක ගුණතිලකට කාන්තාවකට අතවර කිරීම සම්බන්ධයෙන් පොලිසිය චෝදනාවක් එල්ල කර තිබේ.ඔහුට චෝදනා 4 ක් එල්ල වී තිබූ අතර පසුගිය නඩු වාරයේදී ඉන් චෝදනා තුනක් ඉල්ලා අස් කර ගැනීමට රජයේ නීතිඥවරයා කටයුතු කළේය.

එළඹෙන 24 වැනිදා පැවැත්වෙන නඩු විභාගයේදී  රජයේ නීතිඥවරයා එම ඉල්ලීම පිළිබඳ විරෝධතා ගොනු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.