(සුජිත් හේවාජුලිගේ )
අරගලකරුවන් පිටුපස කිසියම් දැඩි මතධාරී සංවිධානාත්මක කණ්ඩායමක් (කාඩර්වරුන් පිරිසක් ) ක්‍රියාත්මක වී සිටින බවට බුද්ධි අංශවලින් කෙරුණු තොරතුරු දැනුම්දීමක් අනුව රජය ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර ඇත.
මේ අතර අරගලකරුවන් අතර සිට දැඩි ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා යොමුවී සිටින සහ ඊට ආධාර අනුබල දෙන හෙල්මට් පැළඳ ගත් කණ්ඩායම් පිළිබඳවද විශේෂ පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
මේ හෙල්මට් පැළඳ ගත් කණ්ඩායම්වල සිටින්නන් කවුදැයි සහ ඔවුන්ගේ අරමුණ කුමක්දැයි සොයා බලා ගෙන යන බවද ඔහු සඳහන් කළේය.
මේ අතර ඇඳිරි නීතිය පැවැත්වෙන කාලයේදී සාමය කඩ කරමින් උද්ඝෝෂණ පවත්වන සියලු දෙනා විසුරුවා හැරීමට පියවර ගන්නැයිපොලිස්පතිවරයා සියලුම පොලිසිවලට උපදෙස් දී ඇත .