’විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට පිහියෙන් අනින්න උත්සහ කළා’


සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු
 
මැතිසබයේ ගැටුම අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පිහි රැගෙනවිත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇනීමට උත්සාහ දැරූ බව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පැවසීය.


රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සිය ඉණෙන් පිහියක් ඇද ඉන්දික අනුරුද්ධික මන්ත්‍රීවරයාට ඇනීමට උත්සාහ දැරූ බවත් තමා එය වැළැක්වූ අවස්ථාවේදී රාමනායක මහතා පිහියද රැගෙන ඉන් ඉවත් වූ බවත් නිශාන්ත මහතා කීය.


රන්ජන් රාමනායක හා පාලිත තෙවරප්පෙරුම විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනාගේ ඉණවල පිහි ගසා සිටි බව තමාද දුටුවේ යැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී කාංචන විජේසේකර මහතා පැවසීය.


විපක්ෂයේ මන්ත්‍රීවරුන් මැතිසබයේ ලොකු ලේ වැගිරීමක් කිරීමට පැමිණ සිටි බව මින් පැහැදිලි වන බව කී විජේසේකර මහතා මොවුන් සභාවට පිහි රැගෙන ආවේ කාගේ අවසරයක් ඇතිව දැයි සොයා බැලිය යුතු බවද ප්‍රකාශ කළේය.