’1,500cc ට අඩු වාහන ආනයනය සඳහා සහන ඉල්ලයි‘‘


වාහන ආනයනයේ දි 1500CC අඩු ධාරිතාව යටතේ ඇති වාහන ආනයනයට සහන ලබා දෙන්නැයි ලෙස දේශීය ආදායම් නිලධාරිහු  රජයෙන් ඉල්ලා සිටිති.

දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලෙකම් ජේ.ටී. චන්දන මහතා  මාධ්‍ය හමුවකට එක් වෙමින් අද සවස මේ බව පැවැසුවේය.

වඩා ඉහළ ධාරිතාවෙන් යුත් වාහන ආනයනය කිරීමේ දී විදේශ විනිමය වැඩි ප්‍රමාණයක් පිටතට ගලා යන බව ඔහු කියා සිටියේය.

1500CC අඩු ධාරිතාව ඇති වාහන ගෙන්වීමට බදු සහන ලබා දුනහොත්  එම වාහන ආනයනය කිරීමට වැඩි දෙනා පෙළඹෙන බවත් ඒ හරහා  විදේශ විනිමය විශාල ප්‍රමාණයක් පිටතට ගලා යාම අවම කළ හැකි බවද චන්දන මහතා පෙන්වා දුන්නේය.