‘‘රූමස්සලට අත නොතබනු‘‘


(ඩී.ජී.සුගතපාල,සිරංගිකා ලොකුකරවිට)

උණවටුන රූමස්සල කන්ද හරහා මාර්ගයක් ඉදිකිරිමට විරෝධය පා පරිසර සංවිධාන එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද  සවස ගාල්ල නගරයේදි පැවැත්විණි

ජනතා විමුක්ති පෙරමුණ ,පෙරටුගාමි සමාජවාදි පක්ෂය යන දේශපාලන පක්ෂවල නියෝජිතයෝද සිංහල රාවය ජාතික භික්ෂු පෙරමුණ යන සංවිධානවල නියෝජතියෝද ඇතුලු පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.

“රූමස්සල අභය භූමිය විනාශ නොකරනු,ලාභය උදෙසා සිදු කරන පරිසර විනාශය නතර කරනු.රූමස්සල අභය භූමියේ අනවසර ඉදිකිරිම් නතර කරනු.“ආදි සටන් පාඨ ප්‍රදර්ශණය කරමින් පැවැත්වු මෙම උද්ඝෝෂණයට අක්මිමණ දයාරත්න,වකමුල්ලේ උදිත යන හිමිවරුද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් කුමාර හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රිවරුන්වන නලින් හේවගේ ,රත්න ගමගේ යන මහත්වරුද එක්ව සිටියහ.