(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් උවදුර විසඳීම සඳහා රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය මුළුමනින්ම අඩපණ කරන අගුලු දැමීම් හෝ ඇඳිරි නීතිය පැනවීම් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට කළ නොහැකි යයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි .
කොවිඩ් උවදුරට විසඳුමක් ලෙස රට යම් කාලයකට වසා දැමිය යුතු යැයි සමහරු කල්පනා කරන බවත් මුල් අවස්ථාවේ දී එවැනි ක්‍රියා මාර්ගයකින් සතුටුදායක ප්‍රතිඵල අත් වුවද දිගු කාලීනව එය ජන ජීවිතයට හා ආර්ථිකයට අතිශය හානිකර බලපෑම් ඇති කරවන ක්‍රියාදාමයක් බවත් ජනාධිපතිවරයා කියයි. .
ශ්‍රී ලංකාවේ ආදායම් උපයන්නන් ගෙන් බහුතරය අවිධිමත් ජීවනෝපාය මාර්ග මත යැපෙන අය හෙයින් එවැනි ක්‍රියාමාර්ග වලට යෑමේ හැකියාවක් නැතැයි ද රාජපක්ෂ මහතා පැවසුවේය . කොවිඩ් උවදුරට අවසාන විසඳුම එන්නත්කරණය පමණක් බවත් එන්නත් කරණය සඳහා සැකසුණු විධිමත් වැඩපිළිවෙළක් රජය සතු වන බවත් ඔහු කීය .
කොවිඩ් අභියෝගය සාර්ථකව ජය ගැනීමට නම් එම වසංගතය පැතිර ගිය පළමු වටයේ දී කළාක් මෙන් සෞඛ්‍ය අංශ නිර්දේශ ජනතාව අකුරටම පිළිපැදිය යුතු බව කි ජනාධිපතිවරයා ජනතාව රටේත් තමන්ගේ ත් සුබසිද්ධිය තකා ස්වකීය වගකීම් සහ යුතුකම් මැනැවින් ඉටු කළ යුතු බවද ප්‍රකාශ කළේය.

