‘‘මේ ආණ්ඩුව බලයට පත්වූ දා සිට ලක්ෂ හයක් වීසා ඉල්ලලා‘‘


(අංජුල මහික වීරරත්න)

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව වෙනත් රටවලට ඇතුල්වීම සඳහා ශ්‍රී ලාංකිකයන් ලක්ෂ හයකට අධික සංඛ්‍යාවක් මෙරට තානාපති හා මහ කොමසාරිස් කාර්යාල හරහා වීසා අයදුම් කර ඇතැයි හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

මෙලෙස වීසා අයදුම් කර සිටි පිරිසෙන් බහුතරය සිංහල බෞද්ධ වීම සුවිශේෂී කාරණයක් බව ද අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

වැඩිම සංඛ්‍යාවක් වීසා ඇදුම් කර ඇත්තේ මේ වසරේ බව කී වජිර අබේවර්ධන මහතා මෙතරම් ඉහල ප්‍රතිශතයකින් ශ්‍රී ලාංකිකයන්ගේ වීසා අයදුම් කිරීම ඉහළ ගිය මෑත කාලයේ ප්‍රථම අවස්ථාව මෙය බවද සඳහන් කළේය.

ශ්‍රී ලාංකිකයන් වීසා ඇදුම් කර ඇති රටවල් අතර යුරෝපා රටවල්, ඇමරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව සහ කැනඩාව ප්‍රමුඛස්ථානයේ තිබෙන බව තානාපති කාර්යාල වීසා නිකුත් කිරීමේ සේවා වලින් තහවුරු වූ බව ද අබෙිවර්ධන මහතා කීය.