(ජේ.ඒ.එල්.ජයසිංහ)
පවුල්වාදී දේශපාලනය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුළින් ඉවත් කළ යුතුයි. එකම පවුලේ පස් දෙනකු ඇමැතිවරුන් බවට පත්වන විට ජනතා මුදල් කෝටි කීයක් ඔවුන් සඳහා වැය වනවාදැයි උඩරට අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරි මාදිපොළ ධම්මික හිමියෝ මහනුවරදී අද පැවැසූහ.
දේශපාලනය හැමදාම රටේ ජනතාව නොමඟ යැව්වා. පාර්ලිමේන්තුව තුළ හැසිරීම අතිශ්‍ය අප්‍රසන්නයි. පාර්ලිමේන්තුව තුළ කාන්තා මන්ත්‍රිවරියනට සිදු කරන අපහාස ගැන සමාජය කනගාටු විය යුතුයි. එය අන්තිම අශිලාචාරයි.
කිලෝ මීටර් 2 - 3 දුරකට ඉන්ධන පෝලිම් දකිනවිට මේ රටේ ජාතික ආර්ථිකය කොයි මඟටද යන්න කියලා හිතෙනවා ජනතා ආවේගය, ජනතා පීඩනය කැකෑරෙමින් තිබෙනවා.ජනතාව ද්වේෂයෙන් කෝපයෙන් පසුවනවා යැයි ද ඒ හිමියෝ කියා සිටියහ.
මහනුවර පැවැති විද්වත් සංවාදයකට ඒක් වෙමින් ඒ හිමියෝ එසේ කීහ.

