
(ෂේන් සෙනෙවිරත්න)
සමාජ මාධ්‍යයේ මොන පුවත් සංසරණය වුවත් තායි රාජා, කණ්ඩුල රාජා, හෝ තායිලන්තයෙන් මෙරටට ලබාදුන් කිසිදු ඇතකු යළි ලබා ගැනීම සම්බන්ධයෙන් තායිලන්ත රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති පොජ් හර්න්පෝල් (Poj Harnpol) මහතා පවසයි .
තායිලන්ත තානාපතිවරයා මහනුවරට පැමිණ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් තායිලන්තයෙන් මෙරටට ලබාදුන් තායි රාජාගේ සුව දුක් බැලීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය හමුවේ ඒ බව අවධාරණය කළේය .
තානාපතිවරයා මහනුවරට පැමිණ ශ්‍රී දළඳා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව දැනට සුදුහුම්පොළ රජ මහා විහාරයේ රඳවා තිබෙන තායි රාජා හස්තියා නිරීක්ෂණය කිරීමට එකතු විය
මෙම අවස්ථාවට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද එක්විය .
එහිදී තායිලන්ත තානාපතිවරයා පවසා සිටියේ සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් සංසරණ වෙමින් තිබෙනවා. තායිලන්තයෙන් මෙරටට ලබාදුන් අලි ඇතුන් නැවත ලබාගැනීමක් සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි .
ශ්‍රී ලංකාවේ අලි ඇතුන් රැක බලා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම තායිලන්තයෙන් ලබා දීමට ඉදිරිපත් වන බව ද තානාපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
ප්‍රතිකාර සඳහා තායිලන්තයට රැගෙන ගිය මුතු රාජා හස්තියා මේ වන විට සුවයෙන් පසුවන බව කී තානාපති වරයා සත්‍ය නොවන පුවත් හේතුවෙන් මහත් අර්බුද නිර්මාණය වී ඇතැයි සඳහන් කළේය .


