‘‘කෲඩියා සිලනිකා‘‘ ගම්පහ මල්වත්තෙන් මතුවෙයි


(තිලකරත්න දිසානායක)

 ‘‘කෲඩියා සිලනිකා‘‘ (පඩු කරඳ)  වර්ගයේ විශාල ගසක් ගම්පහ උද්භිද උද්‍යානයේ ඇති බව එහි සහකාර අධ්‍යක්ෂ රුවිනී ගෝමස් මහත්මිය කීවාය. 

මහත් ආන්දෝලනයකට තුඩු දුන් කෲඩියා සිලනිකා (" පඩු කරද " ) වර්ගයේම, එම ශාඛය අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ යන මහත්වරු ඊයේ (14) නිරීක්ෂණය කළහ.

එම උද්‍යානයේ පැවති උත්සවයකට සහභාගි වූ අවස්ථාවේ අමාත්‍යවරු දෙපල  මෙම පඩු කරද ශාඛය නිරීක්ෂණය කරනු ලැබූහ.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කෙරෙන ගම්පහ , දාරළුව ප්‍රදේශයේ ඇති " පඩු කරද " ගස දැනට ඉතිරිව ඇති එකම ගස බවට ප්‍රකාශ වූවද , ගම්පහ උද්භිද උද්‍යානයෙහි මෙම විශාල ගස සහ පැල ගස් හයක්ද , පේරාදෙණිය උද්‍යානයේද මෙම පැල ගස් ඇති බවත් දාරළුවේ ගසට, මෙම ගස් සෑම අතින්ම සමාන බවත් ගම්පහ උද්භිද උද්‍යානයේ සහකාර අධ්‍යක්ෂ රුවිනී ගෝමස් මහත්මිය අමාත්‍යවරුනට වෙත පෙන්වා දෙනු ලැබූවාය. 

මෙම අවස්ථාවට ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.