‘‘ආණ්ඩුව පෙරළා දමන්නට දැළ එලා අවසන් ‘‘


(අංජුල මහික වීරරත්න)

ආණ්ඩුව පෙරළා දමන්නට දැනටමත් දැළ එලා අවසන් යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (25) පැවසීය. දැළ එලා තිබුණද දැල අදින්නේ අවශ්‍ය වෙලාවට බව ද කිරිඇල්ල මහතා කීය.

"අපි දැන්ම දැළ අදින්නේ නැහැ.සමහර විට දැළ අදින්න කලින් මේ පිරිසට ආණ්ඩුව දාලා යන්න සිදුවේවි.ඇත්ත වශයෙන්ම අද ආණ්ඩුව රට පාලනය අතහැරලා දාල තියෙන්නේ "යනුවෙන් ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.

සමගි ජන බලවේගයේ කඩුගන්නාව ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමට එක්වෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේය.