(දයාරත්න ඇඹෝගම)
වසර හතළිහකට අධික කාලයක් තිස්සේ නුවරවැව ආසන්නයේ පදිංවිව සිටින තමන් එම ස්ථානයෙන් ඉවත් නොවන බව නුවරවැව අවට ඉඩම් සුරකිමේ සංවිධානයේ සභාපති ඩි.එම්.ජයසිරි මහතා අනුරාධපුර නගරයේ පැවති මාධ්‍ය හමුවකදි පැවසිය.
අනවසර ඉදිකිරිම්වලට ලක්ව ඇති දිවයිනේ පිහිටි ප්‍රධාන ජලාශවලට අයත් වැව්වල රක්ෂිත මායිම් කිරිමේ ජාතික උත්සවය ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර,නුවරවැවේදි ආරම්භ කෙරැණි.
ඒ අනුව අනුරාධපුර නුවර වැව රැක ගැනීමේ ව්‍යාපෘතිය යටතේ වැව් රක්ෂිතය නිර්ණය කර ඒ සඳහා සීමා මායිම් දැමීමේ කටයුතු මෙදින ආරම්භ කෙරැණි.
එහිදි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ නුවරවැව් රක්ෂිතයේ ඉදිකොට ඇති සියළු අනවසර ඉදිකිරිම් ඉවත් කිරිමට පියවර ගන්නා බවයි.
දේශපාලන බලය පෙන්නලා අනවසරයෙන් ඉඩම් අල්ල ගත්තා කියලා කතාන්දරයක් මෙතන නැහැ.අපේ පරම්පරා තුනක් මේ ප්‍රදේශයේ ගොවිතැන් බත් කරගෙන කාලයක් තිස්සේ මෙතන හිටියා.
රජයෙන් ඉඩම් මැනලා ඔප්පු දුන්නා. අපි මේ ඉඩම් ඔප්පු පළාත් පාලන ආයතනවල අනුමැතියෙන් දිසාපතිතුමාගේ අවසරයෙන් බැංකුවලට උගස් කරලා මුදල් නයට අරන් තමයි මේ ගෙවල් දොරවල් හදාගත්තේ.
අපේ ජිවිතේම කැප කරලා ආර්ථිකය යට කරලා තියෙන්නේ මෙතෙන්ට තමයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය අපට මේ ඉඩම් සදහා ජයභුමි,සවර්ණභුමි ඔප්පු ලබාදි තිබෙනවා.”