‘ශ්‍රී ලංකාව සිංහල බෞද්ධයාගේ රටක් නොවේයයි මංගල කළ ප්‍රකාශය හෙළාදකිනවා’


(චමිල් රූපසිංහ)

ශ්‍රී ලාංකික මහා සංස්කෘතියේ වටිනාකම තේරුම්ගෙන ලංකාව සිංහල බෞද්ධ රටක් යැයි අතිඋතුම් රදගුරු හිමිපාණන් පවා පවසා සිටියදී මෙය සිංහල බෞද්ධයාගේ රටක් නොවේය යනුවෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති  පූජ්‍ය කැප්පිටියාගොඩ සිරි විමල නායක හිමියෝ පවසති.

වෙහෙරවිහාර විනාශ කරමින් සතුරු ආක්‍රමණ පැමිණෙන විට රට ආරක්ෂා කරගැනීම සඳහා එදා දකුණේ සිංහල බෞද්ධ නායකයන් ඉදිරිපත් වුණත් අද දකුණේ නායකයන් නිහඬව බලාසිටිනු දැකීමත්, සිංහල බෞද්ධයෙකු යැයි කියාගන්නා අයෙකු මේ ආකාරයෙන් ප්‍රකාශ කිරීමත් වේදනා ගෙනදෙන්නක් යැයි නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ සඳහන් කරති.

රටට පාලකයකු පත්කර ගැනීමේදී දරු සුරතල් විඳිය හැකි මානව ප්‍රේමයෙන් යුත් අයෙක් පත් කර ගත යුතු බවත්, එමෙන්ම රටට එල්ල වන අභියෝග හමුවේ කොන්ද කෙළින් පිරිමියකු මෙන් ක්‍රියාකළ හැකි නායකයන් පත් කරගැනීම ඉතා වැදගත් බවත්  උන්වහන්සේ සිය නිවේදනයේ තවදුරටත් සඳහන් කරයි.‍

එම නිවේදනය පහත දැක්වේ.