‘යෝජිත බදු පනත අවලංගු කරන්න‘


(රන්ජන් කස්තුරි) 

යෝජිත භාණ්ඩ හා සේවා බදු පනත අවලංගු කරන්නැයි ඉල්ලමින් සුරාබදු වෘත්තීය සමිති එකමුතුව අද (25) දහවල් රාජගිරිය සුරාබදු දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය.

යෝජිත පනත් කෙටුම්පත මගින් සුරාබදු දෙපාර්තමේන්තුව දියවී යන බවද එහිදී උද්ඝෝෂකයෝ පැවැසූහ.


ඡායාරූප : ලහිරු හර්ෂණ