‘යුද හමුදාපතිට ඇමෙරිකාවෙන් එල්ල වූ චෝදනා මොනවාදැයි කවුරුත් දන්නේ නැහැ‘


(නාලක සංජීව දහනායක)

යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මානව හිමිකම් උල්ලංඝනය කළැයි ඇමෙරිකා එක්සත් ජනපදය චෝදනා කළද එම චෝදනා මොනවා දැයි කිසිවෙකුත් නොදන්නා බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  අද (19) නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

නීති ප‍්‍රකාරව වැරදිකරුවකු වෙනතුරු අපරාධයකට චෝදනා ලැබුවෙකු වුවද නිර්දෝශී ලෙස සැළකිය යුතු බවට සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ සදහන් වුවත් ශ්‍රී ලංකා හමුදාපතිවරයාට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එම නියමය බලපාන බවක් පෙනෙන්නට නැතැයිද එහි නිවේදනයේ සදහන් වේ. 

එහි මෙසේද සදහන් වේ.