IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පොලිස් මාර්ග බාධකයේ පාටි දැමු සැරයන් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පොලිස් මාර්ග බාධකයක් තුළ මත්පැන් සාදයක් පැවැත් වූ පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 55 ක් වන කඩුවෙල ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයෙකි..

සැකකාර පොලිස් සැරයන්වරයා සහ සිවිල් ආරක්ෂක භටයෙකු ඊයේ (29) රාත්‍රී  ගල්කිස්ස විජය පාර බෝ ගස අසල මාර්ග බාධක රාජකාරී කරමින් සිටියදී  ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක්  මාර්ග බාධක නිලධාරීන් පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේදී එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි පොලිස් සැරයන්වරයා සහ සිවිල් ආරක්ෂක බටයා හා තවත් සිවිල් පුද්ගලයෙකු මාර්ග බාධක කුටිය තුළ සිටින අයුරු නිරීක්ෂණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

උප පොලිස් පරීක්ෂකවරයා යතුරු යතුරුපැදියෙන් බැස මාර්ග බාධක කුටිය තුළට ගිය අවස්ථාවේදී රාජකාරී යෙදී සිටි නිලධාරීන් එම ස්ථානයේ සිටින පිටස්තර පුද්ගලයා සමග මත් පැන් පානය කරන බවට දර්ශනය වී ඇති අතර එම අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරයා  ජංගම දුරකථනයෙන් එම ස්ථානයේ දර්ශන ලබාගෙන ලබාගෙන ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (0)

පොලිස් මාර්ග බාධකයේ පාටි දැමු සැරයන් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site