‘බූරු මූණා’ට අංගොඩින් ප්‍රතිකාර


(යොහාන් භාසුර)

පාතාල වෙඩික්කරුවෙක් වන රවිඳු වර්ණ රංග නොහොත් ‘බූරු මූණා’ මානසික වෛද්‍ය ප්‍රතිකාර සඳහා අංගොඩ ජාතික මානසික විද්‍යායතනයට යොමුකළ බවත් ඔහු යම්කිසි මානසික ව්‍යාකූල තත්වයකින් පසුවන්නේ ද යන්න තව දුරටත් වෛද්‍යවරුන් පරීක්‍ෂා කරමින් සිටින බවත් කොළඹ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

දින 90 ක රැඳවුම් නියෝග මත බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය භාරයේ සිටින ‘බූරු මූණා’ මීට පෙර දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ මානසික වෛද්‍යවරයෙක් වෙත ද යොමු කළ බවත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු අංගොඩට යොමු කළ බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.