‘බංකොලොත් බවින් මිදීම ගැන සියලු ලාංකිකයන් සතුටු විය යුතුයි‘


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

බංකොලොත් භාවයෙන් ගොඩගිය රටක් බවට දැන් දැනෙන්නට පටන් ගෙන ඇති බැවින් ශ්‍රී ලංකාවේ  ජීවත්වන සියලුම පුරවැසියන් එක පැත්තකින් සතුටු විය යුතුයැයි  කියා තමා විශ්වාස කරන බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සතුට තාවකාලික වෙන්නත් පුළුවන් බැවින් සතුටු වීමෙිදී ප්‍රවේශම් විය යුතු බව ද කබීර් හෂීම් මහතා කීය.

මූල්‍ය අරමුදලෙන් ණය ගෙන දෙවන තුන්වන වරටත් බංකොලොත් වූ රටවල් තිබෙන බව කී කබීර් හෂීම් මහතා අයි.එම් එෆ් කොන්දේසි හරියටම ඉටු කර ගොඩ ගිය රටවල් ද තිබෙන බව සඳහන් කළේය.