‘පෞද්ගලික අංශ සේවකයනුත් නිවසේ සිට රාජකාරියේ යොදවන්න‘


(සුජිත් හේවාජුලිගේ )

පෞද්ගලික අංශයේ සේවකයන්ද නිවෙසේ සිට වැඩ කටයුතු කිරීමේ  ක්‍රමවේදයට  යොදවන්නැයි  ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

එසේම විනෝද ගමන් ඇතුළු අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් වලින් වලකින්නැයිද  අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

විශේෂයෙන්ම  රැස්වීම් සඳහා  පිට පළාත්වලින් නිලධාරීන් කැඳවීම වෙනුවට  ඔන්ලයින්   ක්‍රමයට ඒවා පවත්වන්නැයිද  ඉල්ලීමක් කරන බව විජේසේකර මහතා කීවේය.