‘පුනර්ජනනීය බලශක්තියට බාල්දි පෙරලන අය ජනපති හෙළි කරයි‘


(සුජිත් හේවාජුලිගේ)

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලිය උත්පාදනය කිරීමට විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගේ විරුද්ධත්වය නිසා  ඉටුකර ගැනීමට නොහැකිවී ඇති බව ජනතාවගේ මතය හෙයින් එය නිවැරදි කිරීමට කටයුතු කරන්නේ යැයි  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසූවේ  පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් විදුලිබල උත්පාදනයට දායක කර  ගැනීමේදී පවතින ගැටලු සම්බන්ධයෙන්  සොයා බැලීමට  කොටුව ජනපති මන්දිරයේදී  ඊයේ (26) පස්වරුවේ පැවති සාකච්ඡාවකදීය.

මේ අතර ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ  දායකත්වය ලබා ගැනීමට  සහාය වන්නැයි ජනාධිපතිවරයා විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන්  ඉල්ලීමක් කළේය.

සූර්ය බල ශක්තියෙන් විදුලිය උත්පාදනය ලෝකයේ බොහෝ රටවල ප්‍රධාන උපාය මාර්ගයවී ඇති හෙයින්  එම පියවර  අනුගමනය කරමින් සූර්ය පැනල පද්ධති  කඩිනමින් යොදා  ගැනීම වැදගත් බවද  ජනාධිපතිවරයා සඳහන් කළේය.