‘පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පවත්වන්න නීති සකසා අවසන්’


(නාලක සංජීව දහනායක)
 
පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහාම පැරණි ක‍්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීති මේ වනවිටත් සකස්කර අවසන් යැයි අධිකරණ මානව හිමිකම් හා නීති ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද(19) පැවැසීය.
 
පළාත් සභා මැතිවරණය කල්යෑම හා පළාත් සභා පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් විවිධ අදහස් පළවුවද පවත්නා නීතිය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
 
තම අමාත්‍යංශය හා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා අමාත්‍යංශය එක්ව ඒ සඳහා අවශ්‍ය නීති සකස් කර තිබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
 
මෙම මැතිවරණය පැවැත්වීම වසර ගණනාවකින් ප‍්‍රමාදවීම නිසා තමන්ට අවශ්‍ය සේවය ඉටුකර ගැනීමට ජනතාවට නොහැකිවී තිබෙන බවද අමාත්‍යවරයා කීය.