(විනීතා එම්. ගමගේ)
එළඹෙන සඳුදා දිනයේ පාසල් ආරම්භ කිරීමට නම් ආරක්ෂාව පිළිබඳව විශ්වාසී ප්‍රකාශයක් රජය කළ යුතු යැයි විදුහල්පතිවරු පවසති.
රජයේ පාසල් සඳුදා විවෘත කරන බව රජය පවසතත් විවිධ පාර්ශ්ව විවිධ ප්‍රකාශ කරන බවත් මේවනතුරු ස්ථිරව ආරක්ෂාව පිළිබඳව ප්‍රකාශයක් රජයෙන් නිකුත් වී නැති බවත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකතුවේ කැඳවුම්කරු ජෝසප් ස්ටාලින් මහතා ලංකාදීපයට පැවසීය.
ආරක්ෂාව සඳහා පාසලකට එක් පොලිස් නිලධාරියෙකු බැගින් ලබාදෙන බව අධ්‍යාපන ඇමති පවසතත්, පොලිස් ස්ථානාධිපතිවරුන් පවසන්නේ එක් නිලධාරියෙකු හෝ ලබාදිය නොහැකි බව යැයිද ස්ටාලින් මහතා ප්‍රකාශ කළේය.
ආරක්ෂාව තහවුරු වන තුරු කතෝලික පාසල් විවෘත නොකරන බව කාදිනල්තුමන් පවසතත් රජය ආරක්ෂාව ගැන කතා නොකර, පාසල් විවෘත කිරීම ගැන කතාකිරීම පිළිගත නොහැකි බවත් ඔහු පැවසීය.

