(යොහාන් භාසුර)
ඉන්ධන පිරවුම්හල් අසළ මාර්ග අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුවහොත් එම පිරවුම්හල්වලට ඉන්ධන සැපයුම අත්හිටුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ඉන්ධන නොමැති නිසා මාර්ග අවහිර කර හෝ පිරවුම්හල්වල සේවයන්ට පීඩාවට පත්වන ආකාරයෙන් කටයුතු කළහොත් ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය කඩා වැටෙන බවත් ඉදිරි සතියේ සිට ඉන්ධන අඛණ්ඩ සැපයීමට හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා කීය.