‘ජනපතිවරණයට අනිවාර්යයෙන් ඉදිරිපත්වෙනවා’


(මනෝජ් හර්ෂික)
 
එළඹෙන ජනාධිපතිවරණයට තමන් අනිවාර්යෙන්ම ඉදිරිපත් වන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (15) පැවසීය.
 
“සැමට සහන” වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර නගරයේ ඉදිකළ නාගරික බස්නැවතුම්පොළ ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
 
මෙරට ජනතාව බස් රථයෙන් ගෙදර යනවාද? නැතිනම් සුදු වෑන් එකෙන් කනත්තට යනවාද කියා තීන්දු කිරීමට ඉදිරියේදී කාලය උදා වන බවත්, එහිදී ජනතාවගේ අනාගතය පිළිබඳව හොඳින් සිතා බලා නිවැරදිව තීන්දු තීරණ ගත යුතු බවත් අමාත්‍යවරයා එහිදී සදහන් කළේය. 
 
නිදහස් සුළගේ සුවඳ අද රටේ ජනතාවට දැනෙන බවත්, ඉදිරියේදී එය නැතිකර ගැනීමට කැමතිද කියා තමන් ජනතාවගෙන් ප්‍රශ්න කරන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කීය.