(ටී.කේ.ජී.කපිල )
රුපියල් කෝටියක් පමණ වටිනා " කුෂ් '' මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මල්ලේ සූක්ෂම ලෙස සගවා ගෙන පැමිණි විදේශිකයෙකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යමින් සිටියදී , ඊයේ (23 ) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු 34 හැවිරිදි රුසියානු ජාතික තොරතුරු තාක්ෂණ නිලධාරීවරයෙකු ලෙස සේවය කරන්නෙකි. මොහු මීට අමතරව මෙම කුෂ් මත්ද්‍රව්‍ය වගා කර , සකස් කර , ලොව පුරා රටවල් අතර බෙදාහැරීමේ ජාවාරමක ද නිරත පුද්ගලයෙකු බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ .
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ වූ ස්පොන්ජ් යොදා සකස් කළ , නිදා ගැනීමට භාවිතා කරන කොට්ටයක් තුළ , මෙසේ අත් අඩංගුවට ගත් කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 50 ක් බරැති කුෂ් මත්ද්‍රව්‍ය තොගය සූක්ෂම ලෙස සගවා ගෙන සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .