(යොහාන් භාසුර)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ඉතා පුළුල් අරමුණකින් සකස් කර ඇති බවත් එම වැඩසටහන සමග පුද්ගලික අංශය සම්බන්ධවීම ඉතා වැදගත් බවත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය.
නුගේගොඩදී පැවැති ‘ක්ලීන් ශ්‍රී ලංකා’ සයිනොපෙක් ක්‍රියාකාරී සැලැස්ම එළිදක්වීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා එසේ පැවසීය.
පිරිසිදු සමතුලිත අලංකාරවත් පරිසරයක් පවත්වාගෙන යාම මෙන්ම ලොව දියුණු රටවල ජනතාව භුක්ති විදින ආකාරයේ ඉහළ සමාජ තත්වයක්, නිදහසක් සහ යටිතල පහසුකම් මෙරට ජනතාවටත් දීම ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ අරමුණ බව ද අමාත්‍යවරයා කීය.
සයිනොපෙක් ලංකා සමාගම ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය සමග එක්වෙමින් සයිනොපෙක්, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ක්‍රියාකාරී සැලැස්ම විශේෂ අගය කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
සයිනොපෙක් පාරිභෝගිකයින්ට සුපිරිසිදු හා සෞඛ්‍යආරක්ෂිත සනීපාරක්ෂක පහසුකම් දීමේ සිට සේවා විවිධාංගීකරණය සහ ඉහළම ගුණාත්මක සේවාවක් දීම තුළින් ආරක්ෂාව හා පරිපාලන කටයුතු විශිෂ්ටත්වයට ළගාකර ගැනීමේ අරමුණෙන් එය සැළසුම් කර ඇත.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩපිළිවෙලේ අතිරේක ලේකම් එස්. පී. සී. සුගීෂ්වර මහතා සහ ජනාධිපති කාර්යාල නිලධාරීන් හා සයිනොපෙක් ශ්‍රී ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරීනී වැන්ග් හයිනි මහත්මිය ඇතුළු සමාගමේ ඉහළ නිලධාරීන් රැසැක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.