‘ඊ ‘දුම්වැටි සමඟ අයෙක් අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මෙරට පරිහරණයට තහනම් රුපියල් ලක්ෂ 35 ක් පමණ වටිනා    " ඊ "  දුම් වැටි  තොගයක්  සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි.

 එම සැකකරු සමග  ඊ දුම් වැටි 620 ක් පොලිස් භාරයට ගෙන ඇත.

වැල්ලවත්ත ස්ටැෆ් පාරේ සුවඳ විලවුන් සහ චොකලට් අලෙවියේ යෙදෙන ස්ථානයක ඊ  දුම් වැටි හොර රහසේ අලෙවි කරන බවට වැල්ලවත්ත පොලිසියට ලද තොරතුරකට අනුව අදාල ස්ථානය වටලා  දුම්වැටි තොගය පොලිස් භාරයට ගෙන  හිමිකරු  අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි  පුද්ගලයෙකි