‘ඇමැති අර්ජුන පහර දෙන දසුන් සීසීටීවීවල නෑ’


(නිමන්ති රණසිංහ)
 

ලංකා ඛණිජ තෙල් නිතිගත සංස්ථා පරිශ‍්‍රය තුළට ඇතුළුව පුද්ගලයකුට පහරදී තුවාල සිදු කළැයි කියන සිද්ධියට අදාළව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කිසිවකුට හෝ පහරදීමකට අදාළ කිසිවක් සී සී ටී වී දර්ශනවල සටහන් නොවන බවත් බහින් බස් වීමක් පමණක් දර්ශනය වන බවත් කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ අද (4) ප‍්‍රකාශ කළේය. 
 
මෙම සිද්ධියට අදාළ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අද (4) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී වැඩිදුර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය එලෙස සඳහන් කළ අතර, ඇප මත සිටිමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.