(මනෝජ් හර්ෂික)
රටේ පාලකයින් යනු පොදු ජනතාවගේ සේවකයින් වුවත්, ඇතැම් පාලකයන් කටයුතු කරන්නේ ජනතාවගේ සේවකයින් ලෙස නොව රටේ සින්නක්කර අයිතිකරුවන් ලෙස බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (24) පැවැසීය.
පුත්තලම, මනතිව් ප්‍රදේශයේ ඉදිකළ ‘අයියනාර්පුරම්’ සහ වනාතවිල්ලුව ප්‍රදේශයේ ඉදිකළ ‘බැරිස්ටර් නෙයින මරික්කාර්ගම’ යන උදා ගම්මාන දෙක ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද(24) සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳ සඳහන් කළේය.
පාලකයින් ජනතා මතයට පයින් ගසා කටයුතු කරන්නේ නම්, ජනතා අයිතිය කරුමයක් බවට පත් වන බවත්, රටේ පාලකයින් ලෙස පත් කර ගතයුත්තේ ජනතා සේවකයින්ද නැතහොත් රටේ සින්නක්කර අයිතිකරුවන්ද යන්න තීන්දු කිරීමට ජනතාවට ඉදිරියේදී අවස්ථාව උදා වන බවත් අමාත්‍යවරයා කීය.
රටේ අයිතිකරුවන් ලෙස හැසිරෙන පාලකයින් වංචා, දූෂණ, අක්‍රමිකතා කර රටේ ජාතික සම්පත් කොල්ලකන බවත්, පාලන බලය ලබාගන්නා අවස්ථාවේදී ජනතා සේවකයින් ලෙස බොරු ප්‍රතිරූපයක් රටට මවාපාමින් බැටළු හම පොරවා ගත් වෘකයින් ලෙසින් ජනතාව අතරට පැමිණෙන බවත් එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කළේය.

