(අංජුල මහීක වීරරත්න)
විහාරස්ථාන, දේවාල හා ආගමික ස්ථාන පෙරහර මංගල්‍යය කටයුතු සඳහා අලි ඇතුන් දීමට පවතින බාධා ඉවත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගෙන තිබෙන ඉහත තීරණය අනුව පෙරහර සඳහා අලි ඇතුන් හිඟ වීමේ ගැටලුව විසඳාගැනීමට හැකිවේ.
ඉපැරණි සාම්ප්‍රදායික පෙරහර මංගල්‍යය කටයුතු සඳහා අලි ඇතුන් යොදවා ගැනීමට පවතින නීතිමය බාධා ලබන සතිය වන විට ඉවත් කළ යුතු බවටද අග්‍රාමාත්‍යවරයා දුන් උපදෙස්වල වැඩිදුරටත් සඳහන්ය.
පෙරහර මංගල්‍යය කටයුතු සඳහා පවතින බාධා ගැන මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය මෙන්ම බස්නායක නිලමේවරුන් කාලයක් තිස්සේ අග්‍රාමාත්‍යවරයා දැනුම්වත් කර තිබිණි.

