‘අයි.එම්.එෆ් ණයෙන් ඉන්දීය ණය කොටසක් ගෙවන්න දුන්නා‘


(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දුන් අමෙරිකානු ඩොලර් මිලියන 330ක් වූ විස්තීරණ ණය මුදලේ පළමු වාරිකයෙන් කොටසක් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඉන්දියාව ලබා දුන් ණය පහසුකමේ වාරිකයක් ගෙවීම සඳහා යොදා ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය  ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

එසේ ගෙවන ලද වාරිකයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 121ක් බව මුදල් අමාත්‍යංශය පෙන්වා දුන්නේය. ඉන්දියාව ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ලබා දුන් ණය පහසුකමේ පළමු වාරිකය පෙරේදා(23) ගෙවීමට තිබූ බවත් ශ්‍රී ලංකාව එදිනම එම වාරිකය ගෙවූ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීම වැදගත් බවද ඔහු පෙන්වා දී ඇත.