‘ සන්ධාන මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිගේ වැය ශීර්ෂය දිනවනවා‘


(ඩයනා උදයංගනී )
 
මෙවර අයවැයෙහි ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට පක්ෂව ඡන්දය ලබාදීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර ඇතැයි එම පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
 
 එම වැය ශීර්ෂය යටතේ මුදල් වෙන්කර ඇත්තේ ජාතික වකුගඩු රෝග නිවාරණ, මත්ද්‍රව්‍ය නිවාරණ ආදී වැඩසටහන් වෙනුවෙන් මිස ජනාධිපතිවරයාගේ පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් නොවන බවද මන්ත්‍රීවරයා සදහන් කළේය. 
 
 සමස්ථ අයවැය වෙනුවෙන් ඡන්දය භාවිතා කරන්නේ කෙසේද යන්න ගැන සන්ධාන මන්ත්‍රී කණ්ඩායමේ තීරණය හෙට(12) ගන්නා බවද ශාන්ත බණ්ඩාර මහතා කීවේය.
 
ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද(11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.