
(නිමල කොඩිතුවක්කු)
නිරෝධායන නීති නොසලකා හරිමින් නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ සංවිධානය කළ ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් එකොළොස් දෙනකු අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වැටලීම සිදුකරන අවස්ථාවේදී මහනුවර ව්‍යාපාරික ප්‍රභූ පවුල්වල වයස අවුරුදු 21 ට අඩු තරුණයින් විශාල පිරිසක් විවිධ වර්ගයේ මත්පැන් භාවිත කරමින් එහි රැඳී සිටි බව සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරියෙක් කියයි.
කොළඹ ප්‍රදේශයේ පුද්ගලයකු මෙම ෆේස්බුක් සාදය සංවිධානය කර ඇති අතර ඒ සඳහා කිරිබත්ගොඩ, මීරිගම, ජා-ඇළ, කඩවත ආදී ප්‍රදේශවලින් ද පුද්ගලයන් සහභාගි වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.
ෆේස්බුක් සාදය සඳහා ඇතුළත්වීමේ ගාස්තුව ලෙස රුපියල් දෙදහසක් අයකර ඇති අතර පුද්ගලයන් 50 ත් 60 ත් අතර පිරිසක් ඒ සඳහා සහභාගි වී සිට ඇත.
ඔවුන් විවිධ වර්ගයෙහි මත්ද්‍රව්‍ය භාවිතා කරමින් එහි රැඳී සිට ඇති බවත් ඔවුන් සතුව තිබී ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සුරාබදු භාරයට ගෙන ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.
වැටලීම සිදුකරන අවස්ථාවේදී එම ෆේස්බුක් සාදය සංවිධානය කළ සංවිධායක ඇතුළු එකොළොස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 8 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බවත් එම නිලධාරියා පැවැසීය.


