
(ටී.කේ.ජී.කපිල)
මෙරට එන්නත්කරණ වැඩසටහන සදහා යොදා ගැනීමට ශ්‍රී ලංකාව මිළදී ගත්, " ෆයිසර් " එන්නත්, තවත් මාත්‍රා ලක්ෂයක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .
මෙම එන්නත් කිලෝ ග්රැම් 460 ක් බරැති,පෙට්ටි 13 තුළ අසුරා තිබුණි .
මුලින්ම මෙම එන්නත් නෙදර්ලන්තයේ , ඇමස්ටර්ඩෑම් නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගෙනැවිත් තිබුණි .
එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් , අද දින අලුයම 02.35 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .


