(වයි.ඒ.එස්.වීරවංශ)
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය තුළ ඩ්‍රෝන කැමරාවක් උපයෝගී කර ගනිමින් ඡායාරූප ගත් වෛදවරයෙකු හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 1500 ක දඩයක් සහ රුපියල් 2000 ක රජයේ ගාස්තු ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත‍්‍රාත් ප‍්‍රමෝද් ජයසේකර මහතා නියෝග කළේය.
දෙවනි විත්තිකරුට රුපියල් හතලිස් දහසක දඩ මුදලක් ගෙවන ලෙසට ද නියෝග කළේය.
වනෝද්‍යාන භාර නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන අද (03) අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
වන සතුන්ට හිංසා වන අයුරින් කටයුතු කිරීම හා වනෝද්‍යාන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන කරුණු මත මොවුන් අත්අඩංගුට ගෙන තිබිණි.
ඔවුන් සතුව තිබු තිබුණු ඩ්‍රෝන කැමරාව, ජංගම දුරකථනය සහ අදාළ සිම්පත රාජසන්තක කරන ලෙස මහේස්ත‍්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
හෝර්ටන්තැන්න වනෝද්‍යාන භාරකරු පී. කේ. පී. එම්. ප‍්‍රදීප් කුමාර, සහකාර උද්‍යාන භාරකාර පී. පී. දයාරත්න, ජ්‍යෙෂ්ඨ වන සත්ත්ව සහකාර පනාලගේ, සහකාර අඩවි ආරක්ෂක ඉන්දික ආරියදාස, සුපුන් පේ‍්‍රමරත්න යන මහත්වරුන් මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණී.