
(ටී.එල් ජව්ෆර්කාන්)
මඩකලපුවේ සංචාරක නවාතැන්පොළක කාමරයේ අද සවස ඇති වූ ගින්නකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ චන්දනි නිමාෂා (වයස අවුරුදු 05) සහ කසුන් මධුසංඛ (වයස අවුරුදු 03) යන දරුවන් දෙදෙනෙකි.
දෙදෙනාට දුම් ආශ්වාස කිරීම හේතුවෙන් මියගොස් ඇතැයි සැකකරයි.
කාත්තන්කුඩි ප්‍රදේශයේ රෝහලක පිළිකා රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි ඔවුන්ගේ මව බැලීමට පැමිණී මෙම දරුවන් මෙම නවාතැන්පොළ් නතර වී ඇතැයි පොලිසිය කියයි.

