(තිලකරත්න දිසානායක)
හොර රහසේ ආනයනය කළ බව කියන සිගරට් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු පෑලියගොඩ ප්‍රදේශයේදී අත් අඩංගුවට ගැනීමට ජාඇල සුරාබදු කාර්යාලයීය නිලධාරීන් සමත්ව ඇත.
වෙළඳපොල වටිනාකම රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා විදේශීය සිගරට් 20,046 ක් මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත.
මෙම සිගරට් තොගය බදු ගෙවීමකින් තොරව රැගෙන විත් ඇති බව අනාවරණය වූ බවත් සිය කාර්යාලයට ලද තොරතුරක් මත වැටලීම සිදු කළ බවත් ජාඇල සුරාබදු කාර්යාලය පවසයි.
ගම්පහ සුරාබදු සහකාර කොමසාරිස් උපුල් කුමාර මහතාගේ උපදෙස් පරිදි සුරාබදු අධිකාරී ආර්.ඩී.ඒ.ඉන්ද්‍රනාත් මහතාගේ අධීක්ෂණය යටතේ ජාඇල ස්ථානාධිපති වජිර විජේසිංහ මහතාගේ මෙහෙයවීම මත සුරාබදු පරීක්ෂක ලක්මාල් බණ්ඩාර, සැරයන් ශ්‍රියන්ත හේරත්, සුරාබදු නියාමයක වරුන් වන උදාර, බුද්ධික, සමීර සහ ධනුක යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කොට ඇත.
අත් අඩංගුවට පත් සිගරට් තොගය සහ සැකකරුවන් දෙදෙනා අද (18) ගම්පහ දිස්ත්‍රික් සුරාබදු සහකාර කොමසාරිස් කාර්යාලය වෙත ඉදිරිපත් කෙරිණි.