(ඉන්දිකා රාමනායක)
වව්නියාව තෝනිකල් ප්‍රදේශයේ නිවසක පැවති උපන්දින සාදයක් අතරතුර එම නිවසට ප්‍රහාරයක් එල්ල කර ගිනි තබා අඹුසැමි යුවළක් ඝාතනය කර තවත් 8 දෙනකු තුවාල ලැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වව්නියාව බන්ධනාගාරයෙ රඳවා සිටියදි ජංගම දුරකතනයක් භාවිතා කරමින් ඇමැතුම් 3292 ක ප්‍රමාණයක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරු ට හා එම ජංගම දුරකතනය හිමි පුද්ගලයාට බන්ධනාගාර විනිශ්චය සභාව විසින් මාස 4 ක සිරදඩුවම් නියම කර ඇත.
මෙම සැකකරුවන් දෙදෙනා ට චෝදනා ගොනුකරමින් බන්ධනාගර විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කර කිරීමෙන් පසු මෙම දඩුවම නියම කර ඇති බව බන්ධනාගර මාධ්‍ය ප්‍රකාශක අතිරේක කොමසාරිස් ජෙනරාල් චන්දන ඒකනායක මහතා පවසයි.
මෙම නඩුවමට අමතරව ඔවුන් දෙදෙනා වව්නියාව බන්ධනාගාරයේ සිට අනුරාධපුර බන්ධනාගාර වෙත මාරුකර යවා ඇති බවද හෙතෙම කීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගර මුලස්ථානය විසින් මුලික විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, මෙම දුරකතනය සැකකරුවන් අතරට පත්වුයේ කෙසේ ද යන්න මෙම මුලික විමර්ශනයේ හෙළි කරගත හැකි බවද චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය.

