(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ රවීන්ද්‍ර ලියනගේ)
මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියා යාම සඳහා සැගවී සිටි පිරිසක් වෙන්නප්පුව නයිනමඩම තල්දෙක ප්‍රදේශයේ නිවසක රැදී සිටි 16ක් අද ( 20 ) අලුයම අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පල්ලම ප්‍රදේශයේ පදිංචි පිරිසක් වන අතර මොවුන් අතර අඹුසැමි යුවළක් සමග ඔවුන්ගේ කුඩා දරුවන් ද සිටින බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස බහුදින යාත්‍රාවකින් ඕස්ට්‍රේලියා යාමට සිටි බව පොලිසියට පාපෝච්චාරණය කර තිබේ .
අත්අඩංගුවට ගත් සියලු දෙනා සිංහල ජාතිකයින් වන අතර මෙම පිරිස මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

