හොරායින් සමඟ සිව්දෙනකු අත්අඩංගුවට


(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි  )

හෙරෝයින්  මත්ද්‍රව්‍ය  ළඟ  තබාගත්  කාන්තාවක සහ  තරුණයන්  තිදෙනෙකු   බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ දි  අද (19) දා දහවල් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.

ලොල්ලොපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සහ ඕපනායක හා  බලන්ගොඩ ප්‍රදේශවල  පදිංචි තරුණයන්  තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන  බව  පොලිසිය කියයි.

 මත් ද්‍රව්‍යට අමතරව  මත්ද්‍රව්‍ය   ඇසුරුම්  කිරීම  සදහා යොදාගන්නා   උපකරණද  සොයාගෙන ඇත. සැකකරුවන්  අද (19) දා බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව  ඇත