හොරණදී මහ දවල් කොල්ලයක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හොරණ දික්හේනපුර දී 65 හැවිරිදි පුද්ගලයකුගේ ගෙලට මන්නා පිහියක් තබා මරණීය තර්ජනය කර ඔහු සන්තකයේ තිබූ රුපියල් 53000/= මුදලක් මහ දහවල් කොල්ලකා පලාගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

පැමිණිලිකාර පුද්ගලයාට අයත් යතුරු පැදිය කාර්මික දෝෂයකට ලක් වීමෙන්  හොරණ දික්හේනපුර ප්‍රදේශයේ නිවසක තබා පිටව ගොස් තිබු බව පොලිසිය කියයි.

අනතුරුව එය අලුත් වැඩියා කර ගැනීම සඳහා බැංකු කාඩ්පතින් රුපියල් 53000/= මුදලක් ද රැගෙන  කාර්මික දෝෂයට ලක්වූ  යතුරු පැදි අලුත් වැඩියා කරන ස්ථානයකට රැගෙන යද්දී කොල්ල කරු ඉතා සූක්ෂම ලෙස වෙන් මාර්ගයකට රැගෙන ගොස් මෙම කොල්ලය සිදු කර පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.