(ඉන්දිකා රාමනායක)
වාලච්චේන ඔට්ටමාවඩි ප්‍රදේශයේ දී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 20 ක් සමග පුද්ගලයකු අද අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකරු ඔට්ටමාවඩි ප්‍රදේශයේ නිමි ඇඳුම් වෙළෙඳ සැලක සේවකයකු බව ද විශේෂ කාර්ය බළකාය පවසයි.
මොහු සන්තකයේ ව්‍යාජ මුදල් නෝට්ටු ඇති බවට යුද හමුදා බුද්ධි අංශ ලබාදුන් තොරතුරකට අනුව වාලච්චේන විශේෂ කාර්ය බළකා කඳවුරේ භට පිරිසක් වෙළෙඳසලට ගොස් සැකකරු පරීක්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ තිබී ව්‍යාජ මුදල් සොයාගෙන ඇත .
මෙම ව්‍යාජ මුදල් එකම කාණ්ඩයේ අංක යටතේ මුද්‍රණය කර ඇති බවද විශේෂ කාර්ය බළකාය කියයි.