හොර ඉන්ධන ටැංකියක් සවි කළ වෑන් රියක් අල්ලයි


(තුසිත කුමාර ද සිල්වා)

ව්‍යාජව සකස් කළ ඉන්ධන ටැංකියක් සවිකළ වෑන් රථයක් බේරුවල හෙට්ටිමුල්ල සිපෙට්කෝ ඉන්ධන හලේ තිබී සොයාගෙන ඇත.

ඉන්ධනහලේ කළමනාකරුට සැකසිති පොලිසිය සමග කළ පරික්ෂාවේදී  ලිටර්‍ර් 20 ක ධාරිතාවකින් යුතු ප්ලාස්ටික් බැරලයක් එම වාහනේ ඉන්ධන ටැංකිය ලෙස සකස් කර තිබියදී සොයා ගත් බව පොලිසිය කියයි.

ඉන්ධනහලේ එම අවස්ථාවේ රාජකාරිය නියුතුව සිටි බේරුවල පොලිස් ස්ථානාධිපති ලලිත් පත්මකුමාර මහතා එම වාහනය ඉන්ධනහලට රැගෙන ආ රියදුරා සහ එම වාහනය  අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.

පසුව දීර්ඝ ලෙස එම සැකකාර රියදුරාගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ දී මීට ඉහත දින කීපයක සිට මෙම රථය ඉන්ධනහල් කීපයකින් ඉන්ධන ලබාගෙන ඇති බව අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

එම කුඩා වර්ගයේ වෑන් රථයට ඉන්ධන ගබඩා කළ යුත්තේ ඉදිරිපස බොනට්ටුව විවෘත කිරීමෙන් අනතුරුව ඉදිරිපසින් බවත් එය විවෘත කිරීමෙන් අනතුරුව ව්‍යාජ ඉන්ධන ටැංකිය ආවරණය කිරීමට කළු පැහැති  ආවරණයකින් සැක නොසිතන ලෙස වසා තිබූ බව පොලිසිය සඳහන් කළේ.