
(යොහාන් භාසුර)
හෙරොයින් සන්තයේ තබාගැනීමේ වරදට අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් සන්තකයේ තිබී රුපියල් ලක්‍ෂ 5 කට ආසන්න වටිනාකමින් යුත් විදේශ මුදල් සොයාග්ත බවත් එම විදේශ මුදල් අතර ස්ටර්ලිං පවුම් 50 යේ නෝට්ටු 17 ක් සහ ඇමරිකානු ඩොලර් 100 නෝට්ටු 5 ක් සොයාගත් බවත් කොළඹ අපරාධ කොට්ටාසයේ උසස් නිලධාරියෙක් පැවසීය.
කොළඹ 15, ප්‍රදේශයේ පදිංචිකරුවෙන් වන ලලිත් සංජීව පණ්ඩිත නොහොත් ‘ගයිඩ්’ යන නැමැති අදාල සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ දින 7 ක රැඳවුම් නියෝගත මත සිටියදී කළ ප්‍රශ්න කිරීමේදී සොරකම් කළ රන් ආභරණ සහ මුදල් තොගය පිළිබඳව අනාවරණය වූ බව ද එම නිලධාරියා කීය.

