හෙරොයින් සමඟ අත්අඩංංගුවට ගත් 11 දෙනා රඳවා ප්‍රශ්න කරන්න


(යොහාන් භාසුර)

මිරිස්ස, පොල්අතුමෝදර මුහුදේදී ඊයේ (13) හෙරොයින් මත්කුඩු කිලෝ 219 කට අධික තොගයක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයන් 11 දෙනා දින හතක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මෙම පුද්ගලයන් 11 දෙනා ඊයේ පස්වරුවේ කොළඹ මත්ද්‍රව්‍ය කාර්යංශයට රැගෙන විත් ඉන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝගයක් ලබාගත් බවත් එම මත්ද්‍රව්‍ය තොගය ඉරාන සහ පාකිස්තානු දේශසීමාවේ එක්තරා ස්ථානයකින් යොමු කර ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.